by Chathuranga Rajapaksha 02-12-2022 | 5:52 PM
COLOMBO ( News 1 st ) – ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රිකී පොන්ටින් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පර්ත් නුවර රෝහලකට ඇතුළත් කර තිබේ.
ඔහු එලෙස අද(02) අසනීප වී තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ රූපවාහිනී විස්තර විචාර කටයුතුවලට සම්බන්ධ වී සිටියදීය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පොන්ටින්ට හෘදයාබාධයක් ඇති වූ බව වාර්තා වන නමුත් ඔහුගේ තත්ත්වය පිළිබඳ තහවුරු වූ තොරතුරු කිසිවක් මේ වනවිටත් ප්‍රසිද්ධ කර නොමැති බවය.
47 හැවිරිදි වියේ පසුවන රිකී පොන්ටින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයකි.
ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 168 ක් සහ එක්දින තරග 375 ක් ක්‍රීඩා කර ඇත.