බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමක්...

බ්‍රසීල අධිවේගී මාර්ගයක නායයෑමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්....

by Staff writer 02-12-2022 | 6:46 AM

COLOMBO (News 1 st ) - දකුණු දිග බ්‍රසීලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයාමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රසීල මාධ්‍ය වාර්තා  කළේ, අතුරුදන් වූ පිරිස සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

පෙරේදා දිනයේ හදිසියේ මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ බ්‍රසීලයේ පරානා ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  නායයාම සිදුවන අවස්ථාවේදී මාර්ගයේ රථ වාහන 21ක් පමණ ධාවනය වෙමින් පැවති  බවයි.