.webp)
නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම සමාගම ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල 34% කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී ඇති බවයි.
ඒ අනුව අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම්, ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙවර මහ කන්නයේ දී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම කමිටු පිහිටුවා ඇති අතර කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අවස්ථා තුනකදී පරීක්ෂා කිරීම් සිදු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර කාබනික පොහොර මිල දී ගන්නා ගොවියෙකුට රුපියල් 20,000ක් දක්වා මුදලක් සහනාධාර වශයෙන් රජය ලබා දෙනු ඇති.
මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 16,000 කි.
අමාත්‍යාංශය පැවසුවේ, ගොවීන්ට සපයන කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බවට සනාථ වුවහොත්, කවර සමාගමක් වුවද අසාදු ලේඛනගත කර එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී ඇති බවයි.