පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට

පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

by Staff writer 02-12-2022 | 8:48 PM

COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මාසයේදී විදෙස් සංචාරකයින් 59,759 ක මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 කි.

නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

එම සංඛ්‍යාව 13,820 කි.

මීට අමතරව ඉන්දියාවෙන් 10,167 ක සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය මාසය තුළ මෙරටට පැමිණ තිබේ.

2022 ජනවාරි සහ නොවැම්බර් අතර වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

එම සංඛ්‍යාව 105,654 කි.