රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරනවා

ණය අර්බුදයන්ට ලක්ව ඇති රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරනවා - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ

by Staff writer 02-12-2022 | 8:26 PM

COLOMBO (News 1st) - ණය අර්බුදයටන්ට ලක්ව ඇති රටවලට සහය වීමට චීනය සමග සාකච්ජා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය,

ලොව විශාලතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය ණයගැති රටවලට අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදීමට තම සහය වේගවත් කළ හැකි ආකාරය පිළිබඳව වගකීමකින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ලබන සතියේ චීන රජයේ නියෝජිතයන් හමුවූවිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට වඩාත් යෝග්‍ය විසඳුමක් සඳහා පොදු යාන්ත්‍රණයකට එකඟවන්න අපි බලාපොරොත්තු වෙනවා. නැගීඑන වෙළෙඳපොළෙන් 25%ක් සහ අඩු ආදායම්ලාභී රටවලිනි 60%ක් ණය අර්බුදයට ලක්වී තිබෙනවා. මේ තත්ත්වය විසඳීම සඳහා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා රැසක් ඉදිරිපත් කළා. කාල විරාමයක් සහිතව පොදු එකඟතාවයකට පැමිණීමත් ඉන් එක් යෝජනාවක්. ශ්‍රී ලංකාව වැනි රටවලට සහය වන ලෙස එවැනි පොදු යාන්ත්‍රණයක් පුළුල් කරමින් අපි කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි.