ජපානය සුපිරි 16 දෙනා අතරට

ජපානය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 අතරට

by Staff writer 02-12-2022 | 12:41 PM

COLOMBO ( News 1 st ) - ජපානය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ජපානය සහ ස්පාඤ්ඤය අතර තරගය පැවැත්වූයේ,  කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේදීය.

ඒ, 44,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක්  ඉදිරියේදී ය.

තරගයේ 11 වැනි  විනාඩියේදී ගෝලයක් වාර්තාකරමින් ස්පාඤ්ඤය තරගයට පිවිසිනි.  

පළමු අර්ධයේදී ජපානයට ගෝල රැස් කිරීමට නොහැකි විය.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ ක්‍රියාත්මක වූ  ජපානය 48 වන විනාඩියේදී සහ  51 වැනි  විනාඩියේදී ගෝල රැස්කරමින් තරගයේ වාසිය ඔවුන් වෙත හරවා ගත්තේ ය.

ඒ අනුව ගෝල 2 - 1ක් ලෙස ජපානය තරගය ජයගත් අතර ඔවුන් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.