සහල් සත්ත්ව ආහාර සඳහා රැගෙන ගිය ලොරියක් අල්ලයි..

අලුත් සහල් සත්ත්ව ආහාර සඳහා රැගෙන ගිය ලොරියක් අල්ලයි

by Staff writer 02-12-2022 | 10:25 AM

COLOMBO ( News 1 st ) - පසුගිය යල කන්නයේ අස්වැන්නෙන් ලබාගත් සහල් තොගයක් සත්ත්ව ආහාර සඳහා රැගෙන යමින් සිටියදී පොලිසිය  අත්අඩංගුවට  ගෙන තිබේ. 

පොලීසිය ප්‍රකාශ කළේ, රට තුළ සහල් හිඟයක් ඇතිකිරීමේ අරමුණින් මෙලෙස  සහල්, සත්ත්ව ආහාර සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් අනාවරණය වී ඇති බවයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරක් මත අදාළ සහල් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී මින්නේරිය නගරයේ දී මෙම සහල්  තොගය පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ඉන්පසුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කැඳවා අදාළ සහල් තොගය පරික්ෂා  කිරීමේදී අනාවරණ වී ඇත්තේ  ඒවා පසුගිය යල කන්නයේ අස්වැන්නෙන් ලබාගත් සහල් බවයි.

සහල් 25,000 kg  සහිත මෙම ලොරිය හා පොලීසිය අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියැදුරු හා සහායක අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.