රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය ලබන සඳුදා ඇරඹේ…

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය ලබන සඳුදා ඇරඹේ…

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය ලබන සඳුදා ඇරඹේ…

කර්තෘ Staff writer

02 Dec, 2022 | 8:48 am

COLOMBO ( News 1 st ) – රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල  තුන්වැනි වාරය ලබන සඳුදා ආරම්භ වන බව අධ්‍යපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාශයේ පාසල් කටයුතු පිළිබඳ  අතිරේක ලේකම් ලලිතා එගොඩවළ මහත්මිය සඳහන් කළේ  දෙවන වාරය  ඊයේ (01) අවසන් වූ බවයි.

එසේම ඇය ප්‍රකාශ කළේ අද (02) සියලු පාසල්වලට නිවාඩු ලබා දී ඇති බවයි.

මේ අතර නත්තල වෙනුවෙන් දෙසැම්බර් 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර යළිත් පාසල් ආරම්භ වන්නේ ජනවාරි 2 වැනිදායි.

නැවත  වරක් අ.පොස උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර  පෙබරවාරි 20 වැනිදා  පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

වැඩිදුරටත් ඇය ප්‍රකාශ කළේ පාසල්වල තුන්වන වන වාරය මාර්තු 24 වැනිදායින් අවසන් වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]