
ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කිරීමට කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්
ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කිරීමට කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම සමාගම ගොවීන්ට නිකුත් කර තිබු කොම්පෝස්ට් පොහොරවල 34% කට වඩා තිබී ඇත්තේ වැලි බව සනාථ වී ඇති බවයි.
ඒ අනුව අදාළ සමාගමට එරෙහිව නඩු පැවරීමටත්, දැනට එම සමාගම ගොවීන්ට කොම්පෝස්ට් පොහොර අලෙවි කර ඇත්නම්, ඒ සඳහා කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙවර මහ කන්නයේ දී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම කමිටු පිහිටුවා ඇති අතර කාබනික පොහොරවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට අවස්ථා තුනකදී පරීක්ෂා කිරීම් සිදු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර කාබනික පොහොර මිල දී ගන්නා ගොවියෙකුට රුපියල් 20,000ක් දක්වා මුදලක් සහනාධාර වශයෙන් රජය ලබා දෙනු ඇති.
මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 16,000 කි.
අමාත්‍යාංශය පැවසුවේ, ගොවීන්ට සපයන කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බවට සනාථ වුවහොත්, කවර සමාගමක් වුවද අසාදු ලේඛනගත කර එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී ඇති බවයි.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන