
පසුගියවර පාපන්දු අනුශූර ක්‍රොඒශියා කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට
පසුගියවර පාපන්දු අනුශූර ක්‍රොඒශියා කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පසුගියවර පාපන්දු ලෝක කුසලාන අනුශූර ක්‍රොඒශියා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
ඒ බෙල්ජියමට එරෙහිව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙනි.
මේ හේතුවෙන් බෙල්ජියමට මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදු විය.
මෙම තරගය හතළිස් තුන්දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ දී අවසන් වූයේ, කටාර්හී මොහොමඩ් බීන් අලී ක්රීඩාංණයේදීයි.
පළමු අර්ධයේදී ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත.
තරගයේ 11 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ක්‍රීඩක, යනික් කැරැස්කෝ පන්දුව ගෝලයවෙත එල්ල කිරීමට සමත් වූවත්, එම පන්දුව ඉතා සාර්ථකව වැළැක්වීමට ප්‍රතිවාදී ගෝල රකින්නා සමත් විය.
මේ නිසා බෙල්ජියම් කණ්ඩායමට ගෝලයක් රැස් කිරීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේ අවාසනාවන්ත ලෙසයි.
දෙවන අර්ධයේදී ද තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගැනිණ.
ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවස්ථා කිහිපයකදීම ගෝල රැස් කිරීමට උත්සහ කළත් බෙල්ජියම් ගෝල රකින්නා ඒ සියලු අවස්ථාවන් වැළැක්වීමට කටයුතු කළේ ය.
එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත් අතර ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වීමට සිදුවිය.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සියලු තරග ඔබට ටී.වී.වන් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි.
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු ලබන සඳුදා
- බැඳුම්කර හිමියන්ගේ එකතුවෙන් IMF කළමනාකරණ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක්
- 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර ගත සිරකරුවන් 588කට සහ රැඳවියන් 31ට ජනාධිපති සමාව
- ආශු මාරසිංහ නැවතත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයට
- PUCSL නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලා අස්වන බවට ජනපතිට දැනුම් දෙයි
- නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්..
- විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී
- මින් පසු ‘Slave Island’ නෑ… කොම්පඤ්ඤ වීදිය පමණයි
- කරු ජයසූරිය මෙරට පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි