.webp)
කොළඹ ආදුරුප්පු වීදියේ පදිංචි , 'උම්මා අක්කා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණේ, ඕමාන් යාමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු කළ ප්‍රකාශයකට අනුවයි.
ඔවුන් දෙදෙනා ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙන අතර පසුව අනාවරණය වී තිබුණේ සැකකාර 'උම්මා අක්කා' නමැති කාන්තාව ඊට සම්බන්ධ බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන් දෙදෙනාට විදේශගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම 'උම්මා අක්කා' නම් කාන්තාව සිදුකර දී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුවයි.