ලබන වසරේ මිලියන 339 ක් වෙනුවෙන් මානූෂීය ආධාර..

ලබන වසරේ මානුෂීය ආධාර සඳහා අ. ඩොලර් බිලියන 51.5ක් අවශ්‍ය බව එක්සත් ජාතීන් කියයි

by Staff writer 01-12-2022 | 4:53 PM

COLOMBO ( News 1 st ) - ලබන වසර සඳහා මානුෂීය ආධාර සැපයීමට අමරිකානු ඩොලර් බිලියන 51.5ක මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. 

ඇස්තමේන්තු කළ සංඛ්‍යාවට වඩා ලොව පුරා මිලියන 65ක ජනතාව සඳහා 2023 වසරේදී මානුෂීය ආධාර ලබාදීමට සිදු වනු ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව ලබන වසරේදී රටවල් 68ක පුද්ගලයින් මිලියන 339ක් වෙනුවෙන් ආධාර ලබාදිය යුතු බවයි. 

මෙම මුදල් ප්‍රමාණය රැස් කිරීම සඳහා ලොව පුරා නියෝජිතයින්ගේ සහ පරිත්‍යාගශිලීන්ගේ සහය බලාපොරොත්තු වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.