.webp)
අද(01) පෙරවරුවේ බත්තරමුල්ලේ පැවති මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය හා නිවාරණය පිළිබඳව ජාත්‍යන්තර සැසියට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.
විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නිසා බන්ධනාගාර තුළ තදබදයක් නිර්මාණය වී ඇති බවත් , අයිස් මත්ද්‍රව්‍ය 10 g ට වඩා තිබුණොත් මරණ දඩුවම නියම කිරීමේ තීරණය පිළිබඳවත් ඔහු අදහස් පළ කළේ ය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සහ පාසල් ළමුන් යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රචාරණය මර්දනය කිරීම පිළිබඳව ද මෙහි දී ඔහු අදහස් පළ කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ,විශේෂ කාර්ය බලකායේ සෙබළුන් වෙනත් රාජකාරිවලින් බැහැරකොට මත්ද්‍රව්‍ය පාලනයට යොදවන බවයි.
එහි පළමු අදියර ලෙස අගුණුකොල පැලැස්ස , බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රාජකාරිවලට යොමු කර ඇති එස් ටී එෆ් බටයින් ඉවත් කර ගැනීමට කටයුතු කෙරෙන අතර
ඉවත් කෙරූ පිරිස වෙනුවට විශේෂ කාර්යය බලකා පුහුණුව ලැබූ 200 ට අධික විශේෂ කණ්ඩායමක් පුහුණු කර අනියුක්ත කිරීමට නියමිත බවත් දෙවැනි පියවර ලෙස විශේෂ කාර්ය බලකායට 600 ක් බඳවා ගැනීමට ද අපේක්ෂා කෙරේ.