අද සිට දෛනිකව වෙළෙඳපොළට ලිට්‍රෝ ගෑස්

දෛනිකව වෙළෙඳපොළට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක්

by Staff writer 01-12-2022 | 6:19 AM

COLOMBO (News 1st) - අද (01) සිට දෛනිකව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර් නිකුත් කරන බවයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3,740 ක් සහිත නෞකාවක් ඊයේ (30) මෙරටට සේන්දූ වූ බව ද ලිට්‍රෝ සමාගම පැවසීය.

උත්සව සමයේ ගෑස් ඉල්ලුම ඉහළ යන බැවින් අවශ්‍යතාව පරිදි මේ වනවිට ගෑස් ඇණවුම් කර ඇති බව ද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා තහවුරු කළේ ය.