.webp)
ඒ 2020 වසරේ ඔහුගේ ගොවිපළක සිදුවූ ඩොලර් මිලියන 4ක සොරකමක් වසන් කිරීම සම්බන්ධයෙනි.
මුදල සොරාගත් පුද්ගලයින් පැහැරගෙන යාම සහ ඔවුන්ට අල්ලස් ලබාදී තොරතුරු වසන් කිරීමද ඔහුට එල්ල වී ඇති චෝදනා අතරට ඇතුළත්.
ස්වාධීන කමිටුවක් සිද්ධිය පිළිබඳව නිකුත් කළ වාර්තාවකින් ජනාධිපතිවරයා වැරදිකරු බවත්, ඔහු තනතුර අවභාවිතය කර ඇති බවත් සොයාගෙන ඇති අතර කමිටුවේ නිගමනය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය විමර්ශනයෙන් අනතුරුව ලබන සතියේදී රමපෝසා ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය ගෙන ඒමේ තීරණය ලැබීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩොලර් මිලියන 4ක මුදලක් ළඟ තබා ගෙන සිටීම එරට විදේශ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමක් බවයි.
ජනාධිපතිවරයා දුෂණ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසා ඇත්තේ කිරි ගවයින් විකිණීමෙන් උපයාගත් ඩොලර් ලක්ෂ 5ක මුදලක් පමණක් සොරාගෙන ඇති බවයි.