චීනයේ කොවිඩ් සීමා ලිහිල් කිරීමේ තීරණයක්

චීනයේ කොවිඩ් සීමා ලිහිල් කිරීමේ තීරණයක්

by Staff writer 01-12-2022 | 7:40 AM

News 1st - චීනයේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති බව එරට උපඅගමැතිවරිය පවසා තිබේ. 

ඔමික්‍රෝන ප්‍රභේදයේ ඇති බරපතළ බව අඩු වීම, එන්නත්කරණ ප්‍රතිශතය ඉහළ යාම වැනි කරුණු මත පදනම්ව, චීනය වසංගතය පාලනය කිරීමේ නව අදියරක් කරා ගමන් කරමින් ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. 

පසුගිය දින කිහිපයේ කොවිඩ් සීමාවලට එරෙහිව ඇරඹි විරෝධතා පසුව රට පුරා ව්‍යාප්ත විය. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ද එරට වැසියන්ගේ සාධාරණ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් කොවිඩ් නීති වෙනස් විය යුතු බව පෙන්වා දුන් බවයි. 

පසුගිය අඟහරුවාදා චීනයෙන් නව කොවිඩ් ආසාදිතයින් 37,612ක් වාර්තා වී තිබේ.