කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

by Staff writer 01-12-2022 | 9:43 AM

COLOMBO (News 1st) - හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය නිවේදනය කළේ, මේ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට උපදෙස් දෙයි.

මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේෂණ නල එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.