ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 4 ක් අද තරග

කණ්ඩායම් 4 ක් අද FIFA ලෝක කුසලාන තරග බිමට

by Staff writer 01-12-2022 | 2:04 PM

COLOMBO ( News 1 st ) - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග 4 ක් අද (01) පැවැත්වේ. 

අද පළමු තරගය ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර මෙරට වෙලාවෙන් අද රාත්‍රී 8.30ට  කටාර් අල් රයාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

අද දිනට නියමිත දෙවන තරගය  කැනඩාව සහ මොරොකෝ කණ්ඩායම් අතර දෝහා  අල් තුමාමා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8. 30ට ආරම්භවීමට නියමිතයි.

ජපානය සහ ස්පාඤ්ඤය අතර තුන්වන තරගය කටාර්   අර් රයාන් ක්‍රීඩංගණයේදී මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12. 30ට  ආරම්භ වීමට නියමිතයි.


අද දිනට නියමිත අවසන් තරගයට එක්වන්නේ කොස්ට රිකා කණ්ඩායම සහ ජර්මනියයි.

මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12. 30ට ආරම්භ වන මෙම තරගය  අල් බයාත් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.