උත්සව සමයේත් දෛනික විදුලිය කප්පාදුවක්

උත්සව සමයේත් දෛනික විදුලිය කප්පාදුවක් - මහජන උපයෝගීතා කොමිසම

by Staff writer 01-12-2022 | 6:10 AM

COLOMBO (News 1st) - අදින් ඇරඹෙන උත්සව සමයේදීත් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව පැය 2 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජල විදුලි උත්පාදනය සහ ගල් අඟුරු මිලදී ගැනීමේ ගැටලු හේතුවෙන් තවමත් විදුලිය නිෂ්පාදනය අර්බුදයක පවතින බවයි.

මේ අතර අද (01) සහ හෙට (02) දෙදින තුළ පැය 2 මිනිත්තු 20 ක දෛනික විදුලි කප්පාදුවකට අනුමැතිය දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව A -W  කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රීයේ පැය 1.20 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇත.

මේ අතර දෙසැම්බර් 1 වැනි දා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාපයේ රාත්‍රී කාලයේ පැය 1 විනාඩි 20 ක විදුලි කප්පාදුව සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.