ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී රුසියානු කතක් මරුට

උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි: රුසියානු කතක් මරුට

by Staff Writer . 01-12-2022 | 1:00 PM

COLOMBO ( News 1 st ) - උණවටුන, දලවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර රුසියානු ජාතික කාන්තාවක් ද වන බවයි.

දුම්රිය බෙලිඅත්තේ සිට වව්නියාව දක්වා ගමන් කරමින් සිට ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් සුළු දුම්රිය ප්‍රමාදයක් සිදු වූ බවයි.