අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

by Staff writer 01-12-2022 | 6:35 AM

COLOMBO (News 1st) - අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අදයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද (01) විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියට සම්බන්ධ CCTV දර්ශන මැකී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.

ඒ, එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට අදාළව පැවති සංවාදයේදීයි.

එම සංවාදයට අරුන්දික ප්‍රනාන්දු සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ද මැදිහත් වූහ.