
වෛද්‍ය චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි….
වෛද්‍ය චමල් සංජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි….
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st ) – වෛද්‍ය චමල් සංජීව මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන 14 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේ ය.
පෙත්සම ගොනුකර තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම මුල් කරගෙන, තමාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමිනි.
පෙත්සම අද කැඳවනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේයී.
එහි වගඋත්තකරුවන් ලෙස නම්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙකි.
අදාළ තීරණය ගත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 100 ක වන්දියක් අය කර දෙන්නැයි පෙත්සම්කරු, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණ.
පසුගිය සැප්තැම්බර් 19 වැනිදා තමා එම ප්‍රකාශය කළේ නිසි අධ්‍යයනයකින් අනතුරුව බවත්, තමා සතු භාෂණයේ අයිතිය ආයතන සංග්‍රහයකින් සීමා කළ නොහැකි බවත්, වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, තමාගේ අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන තනතුරක තමා වහාම පිහිටුවන ලෙසයි.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන