ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කාන්තාවන් ඕමාන් යැවීමට තැත්කළ ‘උම්මා අක්කා’ රිමාන්ඩ්

ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කාන්තාවන් ඕමාන් යැවීමට තැත්කළ ‘උම්මා අක්කා’ රිමාන්ඩ්

ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කාන්තාවන් ඕමාන් යැවීමට තැත්කළ ‘උම්මා අක්කා’ රිමාන්ඩ්

කර්තෘ Staff writer

01 Dec, 2022 | 5:23 pm

COLOMBO ( News 1 st ) – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අත්අඩංගුවට පත්වූ, ව්‍යාජ ලියාපදිංචි මුද්දර යොදා කතුන් ඕමාන් යැවීමට තැත්කළ 'උම්මා අක්කා' නමැත්තිය ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ ආදුරුප්පු වීදියේ පදිංචි , 'උම්මා අක්කා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණේ, ඕමාන් යාමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු කළ ප්‍රකාශයකට අනුවයි.

ඔවුන් දෙදෙනා ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙන අතර පසුව අනාවරණය වී තිබුණේ සැකකාර 'උම්මා අක්කා' නමැති කාන්තාව ඊට සම්බන්ධ බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන් දෙදෙනාට විදේශගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම 'උම්මා අක්කා' නම් කාන්තාව සිදුකර දී ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]