-510581_850x460.jpg)
වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 479 ක්
වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 479 ක්
කර්තෘ Staff writer
COLOMBO (News 1 st ) – ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ.
මෙවර ඒඩ්ස් දිනයේ තේමාව ''සමානාත්මතාවය සුරකිමු'' යන්නයි.
මෙවර ඒඩ්ස් දිනයේ තේමාව වන සමානාත්මතාවය සුරකිමු යන්නෙන් අදහස් වන්නේ, HIV ආසාදිතයින් සමාජයේ කොන් කිරීමකින් තොරව ඔවුන්ට සමානව සැළකිය යුතු බව සහ ඔවුන්ගේ සමානාත්මතාවය සුරැකිය යුතු බවයි.
HIV ආසාදනය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ ප්‍රධාන ක්‍රම 03ක් මගිනි.එනම් අනාරක්ෂිත ලිංගික සබඳතා, මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම සහ HIV රෝගියෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරගත වීම එම ක්‍රම තුනයි.
ඒඩ්ස් හා HIV යනු අවස්ථා දෙකකි.
HIV ලෙස හැඳින්වෙන්නේ වෛරසයක් වන අතර එම වෛරසය නිසා ඇති වන රෝග තත්ත්වය ඒඩ්ස් ලෙස හැඳින්වේ.
යම් විෂ බීජයක් ශරීරගත වූ විට එම විෂ බීජයට එරෙහිව සටන් කිරීමට මිනිස් ශරිරයේ ඇති ආරක්ෂක ක්‍රියා පිළිවෙත ඉටුකරන්නේ සුදු රුධිරාණු මගිනි.
HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය එම ප්‍රතිශක්තිකරණ පද්ධතියට මොනයම් හෝ ක්‍රමයකින් ඇතුළු වූයේ නම් පෙර ලෙස එයින් ඉටු වූ ආරක්ෂක ක්‍රියාවලිය සිදු නොවන අතර එය සම්පූර්ණයෙන් ම ඇන හිටීමට ලක්වේ.
යම් හෙයකින් පුද්ගලයෙකු තුළ ඇති මෙම වෛරසය හඳුනා නොගෙන දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොගතහොත් ඇති වන රෝග තත්ත්වය ඒඩ්ස් ලෙස නම් කෙරේ.
මෙම අවස්ථාවට පැමිණෙන විට ආසාදිත පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය බරපතළ ලෙස විනාශ වී තිබිය හැකියි.
HIV ඒඩ්ස් රෝගයෙන් ආරක්ෂා වීමට නම් අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකී ආරක්ෂිත ලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම වැදගත් බව වෛද්‍යවරුන් පෙන්වා දෙන අතර ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ගීතානි සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ,රෝගීන්ගේ රහස්‍ය භාවය රැකෙන පරිදී අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අදාළ සායන රට පුරා ස්ථාපනය කර ඇති බවයි.
2030 දී ඒඩ්ස් රෝගය තුරන් කිරීම ඉලක්කය වුවත්, පවතින ඖෂධ හිඟය වැනි කාරණා නිසා එම ඉලක්කය අභියෝගයක් වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ, උප සභාපති විශේෂඥ වෛද්‍ය චිත්ත්රන් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක
- රටේ දියුණුව වෙනුවෙන් එකාවන්ව පෙළගැසී රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමක් – අගමැති දිනේෂ් ගුණවර්ධන