ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

කර්තෘ Staff writer

01 Dec, 2022 | 5:51 am

1. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: එක්දින තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව ඊයේ (30) අවසන් විය.

2. නොවැම්බර් මාසයේ දී උද්ධමනය 61% ක් දක්වා පහළට… – බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය නොවැම්බර් මාසයේදී 61% දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

3. දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත මුදල් කාරක සභාවට.. – නිර්දේශ කිහිපයකට යටත්ව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ.

4. COP – 27 සාර්ථකත්වයට දේශපාලනීකරණය සහ කල් මැරීම බාධාවක් – ජනපති – COP – 27 සමුළුවේ සාර්ථකත්වයට විශාලතම බාධාව දේශපාලනීකරණය සහ කල් මරමින් සිටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

5. දකුණ සහ ඇල්ල සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් –  දකුණ සහ ඇල්ල සංචාරක කලාපවල, දෙසැම්බර්  1 වැනිදා සිට රාත්‍රියේ දී සිදු කරන  විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]