
උත්සව සමයේත් දෛනික විදුලිය කප්පාදුවක් – මහජන උපයෝගීතා කොමිසම
උත්සව සමයේත් දෛනික විදුලිය කප්පාදුවක් – මහජන උපයෝගීතා කොමිසම
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – අදින් ඇරඹෙන උත්සව සමයේදීත් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව පැය 2 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජල විදුලි උත්පාදනය සහ ගල් අඟුරු මිලදී ගැනීමේ ගැටලු හේතුවෙන් තවමත් විදුලිය නිෂ්පාදනය අර්බුදයක පවතින බවයි.
මේ අතර අද (01) සහ හෙට (02) දෙදින තුළ පැය 2 මිනිත්තු 20 ක දෛනික විදුලි කප්පාදුවකට අනුමැතිය දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව A -W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රීයේ පැය 1.20 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇත.
මේ අතර දෙසැම්බර් 1 වැනි දා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාපයේ රාත්‍රී කාලයේ පැය 1 විනාඩි 20 ක විදුලි කප්පාදුව සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.