චන්ද්‍රපෝල්ගේ පුත්‍රයාට ටෙස්ට් වරම්

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයාට ටෙස්ට් වරම්

by Staff writer 30-11-2022 | 9:37 PM

COLOMBO (News 1st) - හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ පුත්‍රයෙකු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන්  ටෙස්⁣ට් වරම් දිනා ගැනීමේ සුවිශේෂී සිදුවීමක් අද(30) වාර්තා විය.

එලෙස ටෙස්ට් වරම් දිනාගනු ලැබුවේ ටගනාරින් චන්ද්‍රපෝල් නම් ක්‍රීඩකයායි.

ඔහු කොදෙව්හී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයායි.

26 හැවිරිදි ටගනාරින් චන්ද්‍රපෝල් පර්ත්හිදී අද(30) ආරම්භ වූ ඔස්ට්‍රේලියා - කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙලෙස ටෙස්ට් වරම් හිමි කරගනු ලැබිණි.

ටගනාරින් ද සිය පියා මෙන්ම වමත් පිතිකරුවෙකි.

ටගනාරින් චන්ද්‍රපෝල්ට සිය ටෙස්ට් හිස් වැස්ම ලබා දෙනු ලැබුවේ කොදෙව් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ටෙස්⁣ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වමත් පිතිකරුවකු ද වන බ්‍රයන් ලාරා විසින් වීම විශේෂත්වයකි. 

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ටගනාරින්ගේ පියා වන ශිවනාරින් චන්ද්‍රපෝල්ට "ICC හෝල් ඔෆ් ෆේම්'' සම්මානය ද පසුගියදා හිමිවිය.