.webp)
එලෙස ටෙස්ට් වරම් දිනාගනු ලැබුවේ ටගනාරින් චන්ද්‍රපෝල් නම් ක්‍රීඩකයායි.
ඔහු කොදෙව්හී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයායි.
26 හැවිරිදි ටගනාරින් චන්ද්‍රපෝල් පර්ත්හිදී අද(30) ආරම්භ වූ ඔස්ට්‍රේලියා - කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙලෙස ටෙස්ට් වරම් හිමි කරගනු ලැබිණි.
ටගනාරින් ද සිය පියා මෙන්ම වමත් පිතිකරුවෙකි.
ටගනාරින් චන්ද්‍රපෝල්ට සිය ටෙස්ට් හිස් වැස්ම ලබා දෙනු ලැබුවේ කොදෙව් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වමත් පිතිකරුවකු ද වන බ්‍රයන් ලාරා විසින් වීම විශේෂත්වයකි.
මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ටගනාරින්ගේ පියා වන ශිවනාරින් චන්ද්‍රපෝල්ට "ICC හෝල් ඔෆ් ෆේම්'' සම්මානය ද පසුගියදා හිමිවිය.