හික්කඩුවේ දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ...

හික්කඩුවේදී කඩුවකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

by Staff writer 30-11-2022 | 6:05 PM

COLOMBO ( News 1 st ) - හික්කඩුව, වෑවල හන්දිය ප්‍රදේශයේදී අද දහවල්  යුවළකට එල්ල වූ කඩු පහරකින් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා  30 වැනි වියේ පසුවන්නෙක් වන අතර ප්‍රහාරයට ලක්වූ යුවල හික්කඩුව වෑවල ප්‍රදේශයේ රෙදිපිලි අලෙවිසැලක් පවත්වාගෙන ගොස් තිබේ.

අද උදෑසන 10.45 ට පමණ පහරදීම සිදුකර ඇත්තේ එම වෙළඳදසැල ඉදිරිපිටදීයි.

කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු එම පහරදීම සිදුකර ඇති අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ, කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.

පෞද්ගලික ආරවුලක් මත එම පහරදීම සිදුව ඇති බවත් අදාළ  සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ ය. 

මියගිය පුද්ගලයා මීට පෙර පුද්ගලයෙකුට පහරදී ඇති බවත්, අද සිදුකරන ලද පහරදීම එම සැකකරු  පලිගැනීමට සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය