.webp)
අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රටේ ආර්ථික තත්ත්වය ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති කෙටි කාලින ක්‍රියාමාර්ග පිළිබදව තෘප්තිමත් වන බව ලෝක බැංකු නියෝජිතයින් ප්‍රකාශ කළ බවයි.
අඛණ්ඩව මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රයත්නයන්ගේ අවශ්‍යතාව ද ලෝක බැංකු නියෝජිතයින් එහිදි අවධාරණය කර ඇති අතර මුල්‍ය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ ඉක්මනින් කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනිමට හැකිවනු ඇතැයි ද ඔවුන් විශ්වාසය පළ කර තිබේ.