'අදානි' ධාරාවී සංවර්ධනයට මුලපුරයි

ලොව විශාලතම නාගරික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඇරඹේ...

by Staff writer 30-11-2022 | 4:44 PM

COLOMBO ( News 1 st ) - ආසියාවේ වැඩිම පැල්පත්වාසීන් සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ ධාරාවී නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 

ව්‍යාපෘතියට මුල්‍ය දායකත්වය ලබා දෙන්නේ, ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයයි. 

රජය විසින් නගරය සංවර්ධනය කිරීම සඳහා පැවැත් වූ  ඩොලර් මිලියන 612ක ලංසුවක් එම සමාගම දිනා ගැනීමට සමත් වී තිබෙන අතර 
මේ හරහා අක්කර 625ක භුමි ප්‍රමාණයක් සංවර්ධනය වීමට නියමිතයි. 

 එය ලොව විශාලතම නාගරික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.