
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයාට ටෙස්ට් වරම්
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයාට ටෙස්ට් වරම්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ පුත්‍රයෙකු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමේ සුවිශේෂී සිදුවීමක් අද(30) වාර්තා විය.
එලෙස ටෙස්ට් වරම් දිනාගනු ලැබුවේ ටගනාරින් චන්ද්‍රපෝල් නම් ක්‍රීඩකයායි.
ඔහු කොදෙව්හී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශිවනාරින් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයායි.
26 හැවිරිදි ටගනාරින් චන්ද්‍රපෝල් පර්ත්හිදී අද(30) ආරම්භ වූ ඔස්ට්‍රේලියා – කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙලෙස ටෙස්ට් වරම් හිමි කරගනු ලැබිණි.
ටගනාරින් ද සිය පියා මෙන්ම වමත් පිතිකරුවෙකි.
ටගනාරින් චන්ද්‍රපෝල්ට සිය ටෙස්ට් හිස් වැස්ම ලබා දෙනු ලැබුවේ කොදෙව් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ වමත් පිතිකරුවකු ද වන බ්‍රයන් ලාරා විසින් වීම විශේෂත්වයකි.
මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවට කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ටගනාරින්ගේ පියා වන ශිවනාරින් චන්ද්‍රපෝල්ට "ICC හෝල් ඔෆ් ෆේම්'' සම්මානය ද පසුගියදා හිමිවිය.
- පුංචි ඡන්දයේ පෙබරවාරි මාසයේ වියදම් වෙනුවෙන් රු. මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්
- මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙක් පත් කෙරේ..
- සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය අන්ෂා සමග යුග දිවියට..
- වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්
- එංගලන්ත ලයන්ස් සහ ශ්‍රී ලංකා A පළමු සිව්දින තරගය ජය පැරදුමෙන් තොරව අවසන්: නිශාන් මධුෂ්කගෙන් විශිෂ්ට ද්විතව ශතකයක්
- 75 වසරකට පසු සැබෑ වූ හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- මරදානේ පැවති “නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට..
- පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස පත් කෙරේ…
- 75 වසරකට පසු සැබෑ වන හෙංගමුව ජනතාවගේ පිරිසිදු ජල බිඳුවක බලාපොරොත්තුව..
- අභිමානවත් නිදහස් දිනයක් සමස්ත දේශයටම ප්‍රාර්ථනා කරනවා – විපක්ෂ නායක