පුද්ගලයින් විදේශගත කරන බව කියා මුදල් ගැරූ පුද්ගලයෙක් පොලිස් දැලේ…

පුද්ගලයින් විදේශගත කරන බව කියා මුදල් ගැරූ පුද්ගලයෙක් පොලිස් දැලේ…

පුද්ගලයින් විදේශගත කරන බව කියා මුදල් ගැරූ පුද්ගලයෙක් පොලිස් දැලේ…

කර්තෘ Staff writer

30 Nov, 2022 | 8:54 pm

COLOMBO (News 1 st ) – පුද්ගලයින් විදේශගත කරන  බව පවසා මුදල් වංචා කිරිම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහු බම්බලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව ලබාගත් ගොඩනැගිල්ලක පදිංචිව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ,මහනුවර පොලිස් ස්ථානයට ලද පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සමග තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවට විදේශසේවා නියුක්ති කාර්යාංශය  තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]