
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
කර්තෘ Staff writer
1. මෙරට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 21,000ක් – සෞඛ්‍ය ඇමති – සිදුකරන ලද සමීක්ෂණ අනුව මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවසුවේ ය.
2. දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 යළි කැඳවන්නැයි නියෝග – ගාලුමුවදොර විරෝධතාවට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඉල්ලා ගොනු කළ රීට් ආඥා පෙත්සම දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය.
3. ඖෂධීය කංසා අපනයන පනත් කෙටුම්පත අයවැයෙන් පසු පාර්ලිමේන්තුවට – ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට අදාළ පනත් කෙටුම්පත අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවට ගෙන එන බව, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ ය.
4. මේජර් ජෙනරල් චන්න විරසුරිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට – යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් චන්න විරසුරිය මහතා පත්කර තිබේ.
5. ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් නම් කෙරේ – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්