විදේශ ඇමති අමෙරිකාවේ නිල සංචාරයක

විදේශ ඇමති අලි සබ්‍ර් අමෙරිකාවේ නිල සංචාරයක...

by Staff writer 29-11-2022 | 7:12 AM

COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගියේ ය.

ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනයකට අනුවයි.

අමාත්‍යවරයා සමග තවත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකු එම සංචාරය සඳහා එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.

දෙසැම්බර් 4 වැනි දා දක්වා අමෙරිකාවේ රැඳී සිටින විදේශ අමාත්‍යවරයා එරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි.