.webp)
ඒ, ස්විට්සර්ලන්තයට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගයි.
කටාර්හී නයින් සෙවන් ෆෝ ක්‍රීඩාංගණයේ පැවති තරග නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 43000කට අධිකය.
ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත.
තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ, බ්‍රසීලයයි.
තරගයේ 83 වන මිනිත්තුවේදී බ්‍රසීල ක්‍රීඩක කැසෙමිරෝ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ය.
ස්විට්සර්ලන්ත කණ්ඩායමට දෙවන අර්ධයේදී ද ගෝල රැස් කිරීමට හැකි වුණේ නැත.
ඒ අනුව තරගය, ගෝල 1ට 0ක් ලෙස ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ.
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලම ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම් ය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාළිකාව වන TV 1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිළ දේශීය විකාශන අයිතිය හිමි නාලිකාවයි.
තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.