.webp)
තරගයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත.
දෙවන අර්ධයේ 9 වෙනි මිනිත්තුවේදී පෘතුගාල ක්රීඩක බෲනෝ ෆර්නෑන්ඩස් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ය.
එම අර්ධයේදී ද උරුගුවේ කණ්ඩායමට කිසිදු ගෝලයක් රැස් කිරීමට හැකි වූයේ නැත.
ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේ පෘතුගාලය වෙනුවෙන් සිය දෙවන ගෝලය වාර්තා කිරීමට බෲනෝ ෆර්නෑන්ඩස් සමත් විය.
තරගය අවසන් වුණේ, ගෝල 2ට 0ක් ලෙස පෘතුගාලය ජය ගනිමිනි.
ඒ අනුව පෘතුගාලය සුපිරි 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලම ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම් ය.
ශ්රී ලංකාවේ ක්රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන් වූ එකම නාලිකාව වන TV 1 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි නාලිකාවයි.
තරගාවලියේ සියලු තරග TV 1 නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.