ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 29-11-2022 | 6:42 AM

1. ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව දුන් යෝජනාවලියට කැබිනට් අනුමැතිය - ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට ඊයේ (28) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

2. මට්ටක්කුලියේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ - මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

3. පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංක යුග දිවියට.. - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (28) මංගල සීනු හැඬවුණු සුවිශේෂි දිනයකි.

4. ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර - රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ රීට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (28) අවසර ලබා දුන්නේය.

5. මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවීමට පියවර - මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.