ඉන්දීය ධීවරයින් 24ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

උතුරු මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 24 ක් අත්අඩංගුවට

by Staff writer 29-11-2022 | 11:14 AM

COLOMBO (News 1st) - උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු යාපනය, කරෛයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙ‍පාර්තමේන්තුව එක්ව ඊයේ (28) සවස සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.
 
අදාල ධීවරයින් සමග යාත්‍රා 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය, මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.