ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම්

ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස සාගර කාරියවසම් නම් කෙරේ..

by Staff writer 29-11-2022 | 9:40 PM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ.

සාගර කාරියවසම් මහතාගේ නම, තමා නම් කළ බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමට දැනුම් දුන්නේ ය.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පවත්වනු ලැබීය.