ඊ. කුෂාන්ගෙන් CID යට ප්‍රකාශ

අත්අඩංගුවට පත් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම්ගෙන් CID යට ප්‍රකාශ

by Staff writer 29-11-2022 | 12:17 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී විවිධ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්ධියට චෝදනා ලැබ අත්තඩංගුවට පත් ඕමාන  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් මහතාගෙන් අද (29) අලුයම සිට පැය 6 ක ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අද අලුයම 3.55 ට ඕමානයේ මස්කට් නුවර සිට කටුනායකට පැමිණි අවස්ථාවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය. 

ඊ. කුෂාන් මහතාට ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ සටහන් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ.

ඔහු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.