.webp)
අද අලුයම 3.55 ට ඕමානයේ මස්කට් නුවර සිට කටුනායකට පැමිණි අවස්ථාවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය.
ඊ. කුෂාන් මහතාට ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ සටහන් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ.
ඔහු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.