විදේශ ඇමති අලි සබ්‍ර් අමෙරිකාවේ නිල සංචාරයක…

විදේශ ඇමති අලි සබ්‍ර් අමෙරිකාවේ නිල සංචාරයක…

විදේශ ඇමති අලි සබ්‍ර් අමෙරිකාවේ නිල සංචාරයක…

කර්තෘ Staff writer

29 Nov, 2022 | 7:12 am

COLOMBO (News 1st) – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගියේ ය.

ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ ආරාධනයකට අනුවයි.

අමාත්‍යවරයා සමග තවත් රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙකු එම සංචාරය සඳහා එක්ව සිටි බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.

දෙසැම්බර් 4 වැනි දා දක්වා අමෙරිකාවේ රැඳී සිටින විදේශ අමාත්‍යවරයා එරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]