
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 යළි කැඳවන්නැයි නියෝග
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පෙත්සම දෙසැම්බර් 16 යළි කැඳවන්නැයි නියෝග
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ගාලුමුවදොර විරෝධතාවට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඉල්ලා ගොනු කළ රීට් ආඥා පෙත්සම දෙසැම්බර් 16 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.
වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතීඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා නියෝජනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිළධාරියෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
පසුගිය මැයි 09 වනදා අරලිය ගහ මන්දිරයට රැස්වූ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලු මුවදොර ගෝඨාගෝගම භූමියේ රැඳීසිටි අරගලකරුවන්ට පොලු මුගුරු වලින් පහරදීම වළක්වා ගැනීම සඳහා නිසි පියවර නොගත් තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඉල්ලා නීතිඥ රාමලිංගම් රංජන් මහතා අදාල රීට් ආඥා පෙත්සම ගොනු කර තිබුණි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවනු ලැබී ය.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවත් ඊට අදාල ලේඛණ තමන්ට ලැබුනේ පෙර දින රාත්‍රීයේ බැවින් කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවත් නීතීඥ සුලත් කල්දේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පහරදීම් සම්බන්ධයෙන් නඩු කටයුත්ත හෙට යලි කැඳවීමට නියමිත බැවින් කෙටි කාලසීමාවක දිනයක් නඩුව නැවත කැඳවීම සඳහා නියම කරන ලෙසයි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්