
අත්අඩංගුවට පත් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම්ගෙන් CID යට ප්‍රකාශ
අත්අඩංගුවට පත් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම්ගෙන් CID යට ප්‍රකාශ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී විවිධ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්ධියට චෝදනා ලැබ අත්තඩංගුවට පත් ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් මහතාගෙන් අද (29) අලුයම සිට පැය 6 ක ට අධික කාලයක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අද අලුයම 3.55 ට ඕමානයේ මස්කට් නුවර සිට කටුනායකට පැමිණි අවස්ථාවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය.
ඊ. කුෂාන් මහතාට ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම, ඒ සඳහා බලපෑම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශ සටහන් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ.
ඔහු අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්