ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව දුන් යෝජනාවලියට කැබිනට් අනුමැතිය

by Staff writer 28-11-2022 | 9:54 PM

COLOMBO (News 1st) - ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට අද (28)  කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී  තිබේ.

ඒ අනුව,  විදුලි බල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට පියවර ගන්නා බව, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ක්‍රියාවලිය හෙට (29)  සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.