රජයේ සහනාධාර අප්‍රේල් මාසයේ සිට..

රජයේ සහනාධාර ලබා ගැනීමට යොමු කළ අයැදුම්පත් අධ්‍යනය ඇරඹේ..

by Staff writer 28-11-2022 | 7:00 AM

COLOMBO ( News 1 st ) - රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා යොමුකර තිබූ අයදුම්පත් ලක්ෂ 34 ක් පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ, සුදුසුම පුද්ගලයින් පමණක් තෝරාගෙන ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට එම සහනාධාරය ලබාදෙන බවයි.

මේ වනවිට ලබාදෙන රජයේ සහනාධාර ද, ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ ය.