මහව යාපනය දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවීමට පියවර..

by Staff writer 28-11-2022 | 11:44 AM

COLOMBO ( News 1 st ) - මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ, දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බව අමාත්‍යවරයා කියා සිටියේය. 

ඒ අනුව 2023 ජනවාරි 15 වැනිදා සිට මෙය ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.