මට්ටක්කුලියේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මට්ටක්කුලියේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 28-11-2022 | 3:37 PM

COLOMBO (News 1st) - මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවය.

ඔහු මෝටර් රථයකින් බැසීමේ දී පිටුපසින් තවත් මෝටර් රථයක පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට තියුණු ආයුධවලින් පහර දී තිබේ.

බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තවමත් අනාවරණය වී නොමැත.