ක්‍රිකට් තරු 03ක් යුග දිවියට..

පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංක යුග දිවියට..

by Staff writer 28-11-2022 | 1:49 PM

COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද(28) මංගල සීනු හැඬවුණු සුවිශේෂි දිනයකි.

ඒ, කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු විවාහ දිවියට පිවිසීම හේතුවෙනි.

එලෙස විවාහ දිවියට පිවිසුණේ වෙන කවුරුත් නොව, මුළු රටක් ආදරය කරන පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි.

පැතුම්, කසුන් සහ චරිත්ගේ විවාහ උත්සවයන් අද(28) දිනයේ පැවැත්වුවද, ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ද මොවුන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. 

ඊයේ තරගයේදී කසුන් රාජිත සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ද වාර්තා කරමින් ලකුණු 31කට කඩුලු 3ක් ද දවා ගත්තේය. 

එම තරගයට වර්ෂාවෙන් බාධාවෙන අවස්ථාව වනවිට කඩුල්ලේ රැඳී සිටි පැතුම් නොදැවී ලකුණු 03ක් ලබා සිටියේය.

යුග දිවියට එළැඹි පැතුම් නිස්සංකට, කසුන් රාජිතට සහ චරිත් අසලංකට News 1st අපෙන් උණුසුම් සුබ පැතුම්! 

ඡායාරූප සමාජ මාධ්‍යයෙනි..